MasterD – Mal Yaaya

MasterD – Mal Yaaya Lyrics Letra:
ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි

ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ

අපි ඔය සැතපෙන වාර හුඟයි
දුවගෙන යන ගත්තු අඩි පාර දුරයි
හුඟ දුරක් ඇවිද්දලා මට පාර හුරුයි
දැන් පහු කරෙ ආයෙ මම, මාව තමයි
රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳ හිට දෙනෙක් කෙනෙක් කනේ තාල පලයි
රටෙ ගනන් ගියා එකපාර සීනියි අලයි
හරි දැනගෙන කෙටු මොලෙ මාර මුලයි

එක එකා කියවපු දිළිසෙන අර පාට කෝ…?
පීත පීත කියලා දැන් බිම දාපු අරමුණු කෝ…?
අතපත ගාලා කරුවලේ ගත්ත ණය බර දෝ…?
මගෙ පොඩි එකා මගෙ ණය බර ගණන් කරයිදෝ…?

අතින් අත ගියා රට
කටින් කට ගියා මගෙ රැප
පිරිවරා කොහෙ ඉපදුනු මට
සුරංගනා කතා නෙවෙයි ලියවුනෙ අළුයමෙ පද
හොරු කියා එකෙක් ඉන්නෙ නැතිකොට
ඇති නැති පරතරෙ බිහිකලා වෙන වෙන මත
දරා ගන්න ගියා පිහි ඇනුමට අපි ඔහෙ හිටියට
හිටියෙ නෑ අපි කිව්වා රැප
කඩාගෙන ගියා බඳ උඩටම

කාටද ලියන්නෙ පඩත්තල වක්කඩ කඩා කියවන උන්ට
රැපෙන් මං දෙන්නම් ඔබ ඔබ
එන්න බබා රහසින් හඹා මගෙ රැප කෙටුවා හිතෙ
උඹෙ පණ කෙටුවා වගෙ මහ බඹා බල්ටි ගැහුවෙ නෑ රවා

අහු දාලා කපා ගන්න බැරි තනි රැපක්
බෙර පද එන්නෙ අඩි තියන් පද නටා
උඹෙ සතා එන්නෙ වලා සඳ පලා අහන් ඉන්නෙ මගෙ කතා
අඩෝ ගිනි කකා

ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි

ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ

කවුරුත් ඉල්ලුවද මට රැප දෙන කිර්ති
හුඟදෙනෙක් ගලුත් තියලා දැම්මා බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දි රුත්ති
කට ඇරං බලන් ඉන්නෙ උඹ නෙවෙයි පත්ති

පිටිකිරි ද හිටි පිළිම ගෙනත් පිට රටින්
කොට පිරිමි උස නිලමෙ උන්නා උගෙ කටින්
අරන් කරාඹ යායෙ ඇඬු කිරලා
ඌ දැන් වටින් ඉලුක් කූරක වහලා
දැන් ඉන්නෙ ඌ තද මතින්

පිට කසන හුඟ දෙනෙක්ට උන්නා ම‍ගෙ රැප
වසම දසම ගම පුරා මම බස්තම අරන්
උඹ දණ ගස්සන බසින් නිති රසින් වැස්සු
අසනි ලද මතින් ඉදා කසිඳ තලා ගනින්
උඹෙ හිතෙ කැපුම් කැක්කුම්
අර වැදුම් ඇදුම්
ලද්දෝ ගත්තා දෙනවා වේදෝ
පොඩි එකා මිරිකලා ඇත්දෝ
කවදා මුන් මගෙ රටින් යද්දෝ, මම යැද්දො
මගෙ රැප මන්දිර උඹෙ මන කද්දො
මම හෙළ රැප ආ!

ඇල පාර සැරයි
මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි
මගෙ සාවිය ළග මට තාම සුවයි

ඉඳ තාම රැපයි
හෙට කා ගැන කියවෙයිද
මාන බලයි
ඉඳන් කාලෙ ගෙවෙයි
මගෙ රැප් පද ඇහුනම
පාදෙ තෙමෙයි උඹෙ

Letra lyrics lyric letras versuri musiek lirieke tekstet paroles

%d blogueiros gostam disto: