Sajitha Anthony LETRA – Mal Maruthe ✓

Mal Maruthe Lyrics

Sajitha Anthony
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
සංක්‍රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්‍ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි

තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ

ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී

Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog

Advertisement